30 වසරකින් ජ්‍යෙෂ්ඨත්වය මග අගවිනිසුරුවරයකු යෝජනා කලා – ජනපති

In දේශීය

අධිකරණයේ සේවා ජ්‍යෙෂ්ඨත්වය සලකමින් අගවිනිසුරු පදවියට විනිසුරුවරයකු පත්කරනු ලැබුවේ වසර 30 කට පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති පත්වීම් ප්‍රධානෝත්සවයකට එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ අගවිනිසුරු ලෙස පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නම්කර යැවූයේ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහළින්ම සිටින විනිසුරුවරයා බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගේ පෞද්ගලික / අධ්‍යාපන / සේවා සුදුසුකම් සියල්ල සොයා බලා ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙම පත්වීම ලබාදුන් බව ජනාධිපතිවරයා කියා සිටියා.

අගවිනිසුරු ලෙස කටයුතු කල ප්‍රියසාද් ඩෙප්ගේ නිල කාලය අදින් අවසන් වනවා. ඒ අනූවයි මෙරට 46 වන අගවිනිසුරුවරයා පත්කිරිමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු නමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවුණේ.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu