මගීන් 130 ක් රැගත් ඉන්දීය ගුවන් යානයක් තාප්පයක ගැටෙයි

In විදෙස්

දකුණු ඉන්දියාවේ ත්‍රිචී සිට ඩුබායි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ඉන්දීය ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක් ගුවන් ගත කිරීමට යාමේදී එම ගුවන්තොටුපලේ තාප්පයක ගැටීමෙන් අනතුරට ලක්වී තිඛෙනවා. එය ඉන්දීය ගුවන් සමාගමට අයත් යානය වන අතර අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් 130 ක් සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු ගමන් කර තිඛෙනවා. කෙසේවෙතත් යානය නිරුපද්‍රිතව මුම්බායි ගුවන් තොටුපලට ගොඩබස්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකලේ. ගුවන් යානය පියාසර කරවූ ගුවන් නියමුවන් දෙදෙනා පැය 6500 ට වඩා වැඩි කාලයක් අත්දැකීම් සහිත නියමුවන් බව ඉන්දීය ගුවන් සමාගම සදහන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි ගුවන් සමාගම සදහන් කරන්නේ.

 

  • බී බී සී ඇසුරෙනි

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu