මාධ්‍යවේදියාගේ මරණය නිසා ට්‍රම්ප් සෞදියට කරන දේ

In මැද පෙරදිග

මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනය මුල්කරගනිමින් තමා සෞදියට එරෙහිව කිසිදු තීරණයක් ගැනීමට සූදානමක් නැතැයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මෙලෙස සදහන් කර ඇත්තේ සෞදි අරාබිය සමග ඇතිකරගෙන ඇති ඩොලර් බිලියන ගණනක ආයුධ ගිවිසුම් හේතුවෙන්. සෞදියේ සල්මාන් කුමරුගේ අනුදැනුම මත කශෝගි ඝාතනය වූ බවට කරුණු අනාවරණ වෙමින් පවතින බව අමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තාකර තිබුණා. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියා සෞදි ජාතිකයකු පමණක් නොව අමරිකන් පුරවැසියකු වන අතර ඔහු වොෂින්ටන් පෝස්්ට් පුවත් සේවයේ මාධ්‍යවේදියකු වනවා.

කශෝගි නිර්දය ලෙස සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු විවේචනය කර තිබුණා. කශෝගි පසුගිය දෙවනදා
අතුරුදන් වූයේ තුර්කියේ ස්තාන්බුල් නුවර සෞදි කොන්සාල් කාර්යාලයට ගොස් සිටියදීයි. මෙම සිද්ධිය මුල්කර ගනිමින් සෞදිය සමග අමනාප වීම තුලින් අමරිකාවට වාසියක් නොවන බව ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවේ සදහන් කර තිබුණා.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu