ඉහළ නිළධාරීන්ගේ ලේකම්වරියන් දඹුල්ලෙන් ගෙන්වයි

In ක්‍රීඩා

රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ විශේෂ නැරඹුම් කුටිවල සේවයට යොදවා තිබූ ක්‍රිකට් ආයතන ඉහළ නිළධාරින්ගේ ලේකම්වරියන් යළි කොළඹට ගෙන්වා තිඛෙනවා. ඒ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණයකට අනූවයි. මෙම තීරණයට හේතුවී ඇත්තේ එම ලේකම්වරියන් සදහා අනවශ්‍ය වියදමක් දරණ බවට මාධ්‍ය මගින් අනාවරණ කිරීමයි. එම ලේකම්වරියන් සදහා දිනකට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදී තිබුණේ නවාතැන් සහ ආහාර පහසුකම්ද සහිතවයි.

මීට පෙර රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ විශේෂ නැරඹුම් කුටිවල සේවා කටයුතු සිදුකලේ පළාත් ක්‍රිකට් සංගමයයි. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වෙනවා. පෙරවරු 10 ට ඇරඹෙන තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසිනුයි පැවැත්වෙන්නේ.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu