කලුතර සහ ගාල්ලේ නාය යාම් අවධානම් දීර්ඝ කෙරේ

In දේශීය

කලුතර සහ ගාල්ල දිස්ත්‍රික් වලට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇගවීම් නිවේදනය තවත් පැය 24 කින් දීර්ඝ කර තිඛෙනවා. මේ හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයට අයත් හොරණ දොඩංගොඩ / මදුරාවිල / බුලත්සිංහල / අගලවත්ත සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ගොඩනැගිලි පර්යේෂන සංවිධානය දැනුම් දෙන්නේ. ගාල්ල දිස්ත්‍රික්කය තුළද නෙලුව / තවලම / ඇල්පිටිය / නාගොඩ / බද්දේගම සහ යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවද නායයාම් පිලිබද අවධානයෙන් පසුවිය යුතු බවටද ගොඩනැගිලි පර්යේශණ සංවිධානය දැනුම් දෙනවා.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu