අමරිකාවේ ප්‍රාන්ත 3 කට හදීසි තත්වයක්

In විදෙස්

අමරිකාවේ ප්‍රාන්ත 3 කට හදීසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිඛෙනවා. ඒ ෆ්ලොරිඩා / ඇලබාමා සහ ජෝර්ජියා යන ප්‍රාන්ත වලටයි. මයිකල් නමැති සුළි කුණාටුවේ බලපෑම මෙම ප්‍රාන්ත තුනට ඇතිවිය හැකි බවට එරට කාළගුණ අංශ දැනුම් දීම සමගයි මෙම අනතුරු ඇගවීම සිදුකර ඇත්තේ. මෙම තත්වය සමග පුද්ගලයින් තුන්ලක්ෂ හැත්තෑදහසකට අධික පිරිසක් එම ප්‍රාන්ත වලින් ඉවත්කර තිඛෙනවා. මෙම සුළි සුලග පැයට කිලෝමීටර් 200 ක වේගයෙන් හමායන අතර එය පැය කිහිපයකින් ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් එල්ල කරනු ඇති බවද විදෙස් වාර්තාවල සදහන්. මෙම සුළි කුණාටු තත්වය හමුවේ පසුගියදා අමරිකාවේ පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu