අනතුරුදායක සෙල්ෆි නිසා මරණ 259 ක්

In විදෙස්

අනතුරුදායක සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් වසර 2011 සිට 2017 කාලය ඇතුලත 259 දෙනෙකු මියගොස් ඇතැයි 2018 වසරේ ගෝලීය අධ්‍යනයකින් හෙළි වී  තිඛෙනවා.

මරණ අවම කිරීම සඳහා අනතුරුදායක ස්ථාන තුළ ‘සෙල්ෆි තහනම් කලාප’ හඳුන්වා දිය යුතු බවයි ඇමරිකාවේ ‘නැෂනල් ලයිබ්‍රරි ඔෆ් මෙඩිසින් (National Library of Medicine)’ ආයතනයේ පර්යේෂකයෝ නිර්දේශ කරන්නේ.

වැඩි වශයෙන් මරණ සිදුව ඇති කඳු මුදුන්, උස් ගොඩනැගිලි සහ විල් එවැනි ස්ථාන අතර වනවා. මීට අමතරව දියේ ගිලීම, මාර්ග අනතුරු සහ ලිස්සා වැටීම් මරණවලට වැඩි වශයෙන් හේතු වී  ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත පැමිණෙන නරඹන්නන් බැබුන්, වඳුරන් සහ රිලවුන් ඉදිරියේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජංගම දුරකථන 100 ආසන්න සංඛ්‍යාවක් එම සතුන් අතට පත්ව ඇති බව සත්වෝද්‍යාන බලධාරීන් සදහන් කර තිබුණා.

සෙල්ෆි ඡායාරූප හා සම්බන්ධ මරණ වැඩි වශයෙන්ම වාර්තා වී ඇත්තේ ඉන්දියාව, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්තානය යන රටවලින්. වාර්තාවලට අනුව මරණයට පත් පුද්ගලයන්ගෙන් 72.5% පුරුෂයන් වනවා.
– බී බී සී ඇසුරෙනි

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu