ඇපල් සමාගම නවතම පහසුකම් සහිත iPhone XS එළි දක්වයි

In විශ්වය

ඇපල් සමාගම ඔවුන්ගේ iPhone X දුරකථනය තවත් බලවත් මාදිලි තුනකින් නිකුත් කර තිබෙනවා. ඉන් දෙකක් පෙර මාදිලිවලට වඩා ප්‍රමාණයෙන් විශාල බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව iPhone XS Max දුරකතනයේ තිරය අඟල් 6.5 ක් වන අතර iPhone XS හි එය අඟල් 5.8 කි. iPhone XR හි තිරය අඟල් 6.1 ක් වුව ද එය තත්ත්වයෙන් අඩු  වනවා.

එසේම මේ සමග නිකුත් කළ සුහුරු ඔරලෝසුව (smartwatch) අලුතින් එක්කළ ‘ඇද වැටීමක් හසුකරගත හැකි’ පහසුකම සහිතයි.

අධික මිල හේතුවෙන් iPhone X සඳහා ඇතිවන ඉල්ලුම අඩුවනු ඇතැයි සැක පහළවී තිබුණා. නමුත්, මිලෙන් අඩු හෝ iPhone 8 මාදිලිවලට වඩා දිගින් දිගටම මෙම මාදිලි ජනප්‍රිය වනබව ඔප්පු කර තිබෙන බව ඇපල් සමාගම පවසනවා. වෙනත් තරගකාරී සමාගම්වල දුරකථන අභිබවා මෙම නව මාදිලි අලෙවි වනු ඇති බව වෙළෙඳපොළ සමීක්ෂණ ආයතන ද විශ්වාස කරන බවද අැපල් සමාගම අනාවරන කරනවා.

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවා ඇපල් සමාගම ඉදිරියට යාමට එය හේතුවුණා.

කෙසේ නමුත්, ඇපල් සමාගම තෙවෙනි තැනට හෙලමින් පසුගිය අප්‍රේල් සිට ජුනි දක්වා වූ කාර්තුව තුළ ද චීනයේ හ්වාවේ සමාගම තවදුරටත් ජංගම දුරකථන වෙළෙඳපොළ ඉදිරියෙන් සිටීමට සමත්වී තිබුණා.

 

  • බී බී සී ඇසුරෙනි

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu