සෝයුස් අභ්‍යවකාශ යානයේ සිදුර “සිතාමතා” කළ බවට සැකයක්

In විශ්වය

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇතිවී තිබූ සිදුර විදීමකින් ඇතිවූවක් වන අතර එය හිතාමතා සිදුකර තිබූවක් විය හැකි බවට රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා. එහි ප්‍රධානියා සඳහන් කර ඇත්තේ මෙම සිදුර සෝයුස් යානාවේ තිබී ඇති අතර කාර්ය මණ්ඩලය අවස්ථා කිහිපයකදී එය දැක හඳුනාගැනීමෙන් පසු පීඩනයේ සුලු අඩුවීම නිසා එය ටේප් පටියක ආධාරයෙන් වසා දමා ඇති බවයි. ඒ අනූව අදාල සිදුර ඇතිව තිඛෙන්නේ අභ්‍යවකාශයේ පාවී ආ පාෂාණ කැබැල්ලක් හෝ උල්කාෂ්මයක් වැදීමෙන් වන්නට ඇතැයි මීට පෙර කල නිගමනයද ප්‍රතික්ෂේප වී තිඛෙනවා. අමරිකානුවන් තුන්දෙනෙකු / රුසියානුවන් දෙදෙනෙකු සහ ජර්මන් ජාතිකයකු වශයෙන් කාර්ය මණ්ඩලයේ සය දෙනෙකු මේ වනවිට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිනවා.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu