බළලුන් ඇති කිරීම තහනම්

In විශේෂාංග

දකුණු දිග නවසීලන්තයේ වෙරළාසන්න කුඩා ගම්මානයක් තමන්ට උරුමවූ වන ජිවින් ආරක්‍ෂා කිරීම සඳහා දැඩි පියවර ගැනීමට සැලසුම් කරමින් තිඛෙනවා. ඒ අනුව ගම් වැසියන්ට බළලුන් ඇතිකිරීම  ද තහනම් කර ඇති බවයි බී බී සී පුවත් සේවය සදහන් කලේ.

‘Environment Southland’ යටතේ ක්‍රියාත්මක කෙරෙන නව වැඩපිළිවෙලට අනුව ඕමාඋයි නම් ගම්මානයේ බළලුන් ඇතිකරන පුද්ගලයන් තමන්ගේ සුරතලුන් වන්ධ්‍යාකරණයට ලක්කර, බළලාගේ තොරතුරු ඇතුළත් කුඩා දත්ත ගබඩාවක් සමග පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතු වනවා.

ගම් වැසියන් දැනට ඇතිකරන බළලුන් මියගිය පසු නැවත බළලුන් ඇති කිරීමට ඔවුන්ට අවසර ලැඛෙන්නේ නැහැ.  එය තරමක අන්තගාමි පියවරක් ලෙස හැඟුණ ද එය සමාජය අවධානය යොමු කරමින් සිටින කරුණක්ද විය හැකි බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ. මේ තත්ත්වය උදාවී ඇත්තේ සෑම වසරකම සිදුවන බිලියන ගණනක් පක්‍ෂීන්ගේ සහ ක්‍ෂිරපායින්ගේ මරණවලට බළලුන් වගකිවයුතු බැවින්.

මෙම සැළසුම්වලට අනුව, ඊට අනුගත නොවන පුද්ගලයන්ට මුලින් දැනුම්දීමක් කෙරෙනු ඇති අතර, “අවසන් පියවර ලෙස” සුරතල් සතුන් ඉවත් කිරීමට පියවර ගනු ඇති. හරි අඩක් පමණ නිවාසවල බළලුන් ඇතිකරන නවසීලන්තයේ, මෙම සුරතලුන් සම්බන්ධයෙන් මේ ආකල්පය දැරූ පළමු අවස්ථාව මෙය නොවේ.

ඕස්ට්‍රේලියාවේ ද මෙය ගැටලුවක් බවට පත්ව තිබේ. සෑම රැයක ම එරටට ආවේනික සතුන් මිලියන ගණනක ගණනක මරණවලට එළිමහනේ සැරිසරන බළලුන් වගකිව යුතු බව පැවෙසනවා.

– බී බී සී ඇසුරෙනි

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu