අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති ‘විලක්’ ඇතැයි හෙළිවේ

In විශ්වය

අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති ස්ථානයක් පිළිබඳ සාක්ෂි හමුවී ඇති බව පර්යේෂකයෝ පවසනවා. ඔවුන් විශ්වාස කරන ආකාරයට කිලෝමීටර 20ක් විහිදුණු විල පිහිටා තිබෙන්නේ රතු ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් තට්ටුව අභ්‍යන්තරයේයි.

අඟහරු ග්‍රහයාගේ මතුපිට ඉඳහිට ගලායන ද්‍රව ජලය යැයි සැලකිය හැකි සාක්ෂි මීට පෙර පර්යේෂණයේදී හඳුනාගැනුන ද වර්තමානයේ ග්‍රහලෝකය මත අඛණ්ඩව ජලය පැවතීම පිළිබඳ පළමු සාක්ෂිය මෙය වනවා.

නාසා කියුරියෝසිටි රෝවරයෙන් ගවේෂණය කරන ලද වැව් තාවුලු වැනි ප්‍රදේශවලින් පෙන්වා දී තිබෙන්නේ අතීතයේදී අඟහරු මතුපිට ජලය තිබූ බවයි.

කෙසේවෙතත්, ඉතා තුනී අවකාශය හේතුවෙන් ග්‍රහලෝකයේ කාලගුණය සිසිල්වීමට පටන්ගත් තැන සිට එහි බහුතර ජලය අයිස් තුළ සිරවී තිබූ බවයි පැවසෙන්නේ.

නව සොයාගැනීම කර තිබෙන්නේ යුරෝපීය අභාවකාශ ඒජන්සිය (ESA) විසින් යවන ලද මාර්ස් එක්ස්ප්‍රස් ඕබිටර් (Mars Express orbiter)යානයේ සවිකර ඇති මාර්සිස් (Marsis) නම් වූ රේඩාර් උපකරණය ආශ්‍රයෙන්.

  • බී බී සී ඇසුරෙනි

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu