සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ

In විශේෂාංග

දශක ගණනාවක් ප්‍රංශයේ සපත්තු පෙට්ටියක බහා තිබූ 18 වෙනි ශතවර්ෂයට අයත් චීන මල් බඳුනක් පවුම් ලක්ෂ 142 වෙන්දේසි වී තිඛෙනවා.  අඟහරුවාදා පැරීසියේ පිහිටි සොතෙබිස් (Sotheby’s) සමාගම් ශාඛාවේදී මල් බඳුන අලෙවි වී ඇත්තේ ඇස්තමේන්තු කරන ලද මුදලට වඩා විසි ගුණයක වටිනාකමකටයි.

යුරෝ 500,000 – 700,000 අතර මුදලකට මල් බඳුන ඇස්තමේන්තු කර තිබුණා. ප්‍රංශයේදී සොතෙබිස් වෙන්දේසිකරුවන් විසින් එක් භාණ්ඩයක් අලෙවි කරන ලද වැඩිම මිල මෙයයි.

පවුල් උරුමයක් ලෙස පැවති මෙම මල් බඳුන අට්ටාලයක් මත දමා තිබියදී මෑතක දී සොයාගනු ලැබුවා.

සොතෙබිස්හි ආසියානු කලාව පිළිබඳ ප්‍රවීනයෙකු වන ඔලිවියර් වැල්මියර් කියා සිටියේ බඳුන අලෙවි කළ තැනැත්තිය “දුම්රියකින් සහ උමං දුම්රියකින් ගමන් කර, ඉන් බැස පා ගමනින් මගේ කාර්යාලයට පැමිණියේ පත්තර පිටුවකින් එතූ පරණ සපත්තු පෙට්ටියක් රැඟෙනයි” යනුවෙනි.

“ඇය මගේ මේසය මත සපත්තු පෙට්ටිය තබා එය විවෘත කර පෙන්වූ විට මල් පෝච්චියේ ලස්සන දැක අප පුදුමයට පත් වුණා”

  • බී බී සී ඇසුරෙනි

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu