අගමැති පදවිය එපා, මහ මැතිවරණයක් ඉල්ලනවා – මහින්ද

In 2018 මැතිවරණ වේදිකාව

පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව පවසනවා.

හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ සෙනසුරාදාපැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මැතිවරණයේ මෙතෙක් නිකුත්ව තිබෙන ප්‍රතිඵල අනුව පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙකම පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වී තිබුණා.

“මම බොහොම සන්තෝස වෙනව මේ ප්‍රතිඵලය ගැන මොකද ජනතාව එදා 08 වෙනිදා (2015 ජනවාරි 08) කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනවා,” ඔහු සදහන් කලා.

මේ ප්‍රතිඵලයත් සමග රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ ද “අස්ථාවරභාවයක්” මතු වී තිබෙන බැවින් “මේ අස්ථාවරභාවයෙන් මුදාගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරමක් ඉල්ලන්න ඕන කියන එක තමයි මම හිතන්නේ,” යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කල බවයි බී බී සී පුවත් සේවය සදහන් කලේ.

පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බැවින්, ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වූයේ “එයාට හීනෙන් පේනවා එහෙම ශක්තිමත් වෙලා කියල,” යන්නය.

  • බී බී සී ඇසුරෙනි

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu