පෙට්‍රල් නිසා මගේ කෑලි ගලවනවා / හිතන්නේ මමයි පෙට්‍රල් ඛෙදන්නෙ කියලා – ජනපති

In දේශීය

වර්ථමානයේදී සෑම ගැටලුවටම ඇතැමුන් තමාට දොස් පවරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණසැමරුම වෙනුවෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ස්මාරකයකට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

‘දැන් අපි හොඳට බැනුම් අහනවා පෙට්‍රල් ප්‍රශ්නෙට. මගේ කෑලි ගලවනවා. මට බනින අය හිතාගෙන ඉන්නවා මම තමයි පෙට්‍රල් බෙදන්න කියලා. ඉස්පිරිතාලේ ස්ට්‍රයික් එකක් වුණත් මට බනිනවා. හිතාගෙන ඉන්නෙ මම තමා ගිහිල්ලා බෙහෙත් දෙන්නේ කියලා. පාසලට ළමයෙක් දාගන්න බැරි වුණාම මම තමයි වැරදිකාරයා. මේකට හේතුවක් තියෙනවා. ජනාධිපතිවරුන් පුරුදු කරලා තියෙනවා ඒ හැමදේම ජනාධිපතිවරයා විසින්ම කරලාදීලා. ඒක තමයි ඇත්ත කතාව. මේ රටේ ජනාධිපතිවරු පෙට්‍රල් ෂෙඩ්වලට තෙල් ගහපු නැති එක විතරයි නොකලේ.

අපි රජයක් විදිහට සම්මුතිවාදී ආණ්ඩුවක් විදිහට කටයුතු කරනවා නම් අපි කතා කරන යහපාලනයට අපි කැපවෙන්න ඕන. වැරදි කරන ඕන කෙනෙක්ට දඬුවම් කිරීමට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. ඒක හරියටම ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක ක්‍රියාත්මක නොවන එකයි ප්‍රශ්නෙ.”

ෆේස්බුක් වෙබ් සයිට් කැම්පේන් සති අන්ත පුවත්පත්වල පිටු ගණන් ලියනවා. ඒවා සල්ලි වියදම් කරලා අද ක්‍රියාත්මක වනවා. ලංකාවෙන් පිට තියෙන මාධ්‍ය ආයතන පාවිච්චි කරලා ආණ්ඩුවේම සමහර අය මට බනිනවා.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu