ගබ්සාවීමේ අවදානම කල්තියා හඳුනාගත හැකි පරීක්ෂාවක්

In ලිය අභිමන්

ගබ්සාවීම හෝ නොමේරු දරු උපතක් පිලිබද කල් තියා දැන ගැනීමේ හැකියාව පළමු සති 12 තුළදී කෙරෙන රුධිර පරීක්ෂාවකදී දැනගත හැකි බව පර්යේෂකයින් පිරිසක් අනාවරන කර තිඛෙනවා. බරපතල උපත් සංකුලතා පිලිබද ලක්ෂන මතුවීමට මාස කිිහිපයකට පෙර එවැනි උපත් සමග සම්බන්ධයක් තිබිය හැකි රුධිරයේ ඇති අණු සොයාගත් බවයි අමරිකානු වෛද්‍යවරුන් පිරිස සදහන් කර ඇත්තේ.

මෙම සොයා ගැනීම සාර්ථක වුවහොත් නොමේරූ දරු උපතක් පිලිබද අවධානම කල් තියා හදුනා ගැනීමේ හැකියාව ඇති බවයි වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ. එක්සත් රාජධානිය තුළ සෑම ගර්භනී තත්ව පහකින් එකක් ගබ්සාවීමකින් කෙලවර වන අතර යුරෝපයේ වැඩිම නොමේරූ දරු උපත් සහිත රටවල් අතරටද අයත් වනවා. කෙසේවෙතත් මෙය තවදුරටත් තහවුරු කර ගැනීමට තවත් අධ්‍යයන ගණනාවක් සිදුකල යුතු බවද පර්යේශකයින් පෙන්වා දෙනවා.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu