අධ්‍යාපන ක්ෂේත්‍රයට වමනය කිරීම

In කතු වැකිය

ගුරුවරුන්ට වැඳිය යුතු නැත, යනුවෙන් අදහසක් මේ දිනවල බුකියේ සංසරණය වනු දුටිමි. සැබැවින්ම ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්නන් සහ හොරටවැඩ කරන්නන් යනුවෙන් දෙපාර්ශවයක් සිටිති. එනයින් පාසල්වලද ගුරුවරු සහ ගුරු හොරු සිටිති. ගුරුවරුන්ට වැඳීමේ වරදක් නැත.  ගුරුහොරුන්ට වැඳිය යුතු නැත.

මා පාසල් සමයේ අත්විඳි එක් සිදුවීමක් සිහිපත් කරමි. මගේ පාසල මිශ්‍ර පාසලකි. එක බත් පත කෑම- සෙල්ලම් කිරීමල – ගුටි ඇන ගැනීම මේ ආදී කවර අවස්ථාවකදී වුව කෙල්ලන්ගේ හෝ කොල්ලන්ගේ බෙදීමක් මිශ්‍ර පාසල්වල නැත.

සිදුවීම මෙසේය. ඒ වැඩිවිය පැමිණීම යන අතිශය සාමාන්‍ය ජීව විද්‍යාත්මක සිදුවීමෙන් පසු පාසල් ගිය පළමු දිනයයි. ගුරුවරු උගන්නා අතර තුරදී පාසල් බෑගයට අතදමා කෑම කෑම- හොරෙන් කතා කිරීම – කොළ ගුලිවලින් ගසා ගැනීම ආදී දේ ළමයින් අතින් සිදුවන ළමා වැරදිය. පිරිමි ළමයින්ගේ පැත්තෙන් පැමිණි කොළ ගුළියක් පෙරලා ඔවුන්ට දමා ගසනවිට ගුරුවරියගේ ඇසට හසුවිය.

නැගිටිනවා, බයෙන් නැගිට්ටෙමි. මුලු පන්තියටම මීයාට පිම්බාක් මෙන් නිශ්ශබ්දයගකොට බිත්ති සහිත පාසල් ගොඩනැගිලි නිසා සෙසු පන්තිවල ළමුන්ද මා දෙස බලාගෙනය. ඔය ළමයට මොකද්ද වෙලා තියෙන්නෙ- ඔය ළමයා හිතනවද ඔය තත්වෙට පත්වෙන්නෙ ඔයා විතරයි කියලා. ගමට පොළව පලාගෙන යාමට තරම් ලැජ්ජාවක් ඇති විය. ඈ මේ කියන්නේ වැඩිවිය පැමිණීම නිසා මගේ හැසිරීම් මෙසේ වෙනස් වී ඇති බවකි. අතිශය පෞද්ගලික කරුණක් මෙසේ පන්තිය ඉදිරියේ හුවා දැක්වීම පිළිබඳව මම 09 ශ්‍රේණියේ ශිෂ්‍යාවක ලෙස අතිශයින් ලැජ්ජා වුණෙමි. ඈ තවත් අභූත චෝදනාවක්ද එල්ල කළාය. ඔය ළමයගෙ ඉස්කෝලෙ වැඩවලට උනන්දුව අඩුවෙලාගමම හිතන්නෑ ලකුණු ගනීවි කියලා.  මම පිළිතුරු ලෙස කිසිවක් නොකීවෙමි. විභාගෙදි උත්තර දෙන්නම්කෝ, යැයි ඉටාගෙන ඇය උගන්වන විෂයට වඩාත් හොඳින් පාඩම් කොට 100 ලබා ගත් අතර අත් අකුරු පැහැදිළි නැති බව කියමින් ඇය ඉන් ලකුණු දෙකක් අඩු කළාය.

සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ලෙස වැඩවලින් පිළිතුරු දෙන්නට දරුවන් සූදානම් නැත. දරුවන්ගේ අත්දැකීම් පසුතලය දරාගැනීමේ හැකියාව වෙනස්‍ ය. ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ ඒ අනුවය. කුරුණෑගල දැරියකගේ පෙම්වතා ඇගේ ෆේස්බුක් ගිණුමට ටැග් කළ පින්තූරයක් නිසා ඇයව ,වේසියකැයි,හංවඩු ගැසූ විදුහල්පතිවරයාට දැරිය ප්‍රතිචාර දැක්වූයේ ජීවිතයෙන් වන්දි ගෙවමිනි. කොළඹ ප්‍රසිද්ධ බාලිකාවක ජංගම දුරකතනයක් ගෙනා වරදට ඇයගේ මාපියන් කැඳවීමට යාමෙන් ඇය පාසල් වැසිකිලිය තුළ ටයි පටියෙන් එල්ලී සියදිවි හානි කරගත්තාය.

නැටුමට මෙන්ම ඉගෙනුමට එකසේ දක්ෂ මිතුරියක් මා උගත් පාසලේ සිටියාය. ඇගේ මවගේ ,චරිතය හොඳ නැතැ.යි, පැවසූ ඇතැම් ගුරු හොරු ඇය ඉතාම ආකර්ශනීය ලෙස නර්තනයෙහි යෙදෙන විට ,අම්මා වගේම හැදෙයි,කීවා මිස කිසිවිටෙක ඇගයූවේ නැත. ඇයට පාසල් සමයේ ගැරහුම් මිස පැසසුම් ලැබුණු එක් අවස්ථාවක් හෝ මට මතක නැතගසියල්ල දරාගෙන ඈ ඉහළින්ම සාගපෙළ සමත් වුවද ගණිතය අසමත්වීම ඇගේ ජීව්තයට අවාසනාව එක් කළේයගදැන් ඇය විවාහයද අසාර්ථකව දරුවෙකුද සමග තනිවූ ගැහැණියකි. ඇගේ ජීවිතයට 50% ක් හෝ අදාළ ගුරුහොරුන් වගකිව යුතු බව ඇය පිළිබඳව සිහිවන සැම විටකම පාහේ සිතේග
දරුවන්ට දඬුවම් කිරීම නොකළ යුතු බව මගේ අදහස නොවේ. වැරදි ලකුණක් දැමීම පවා ප්‍රතිශේධාත්මක අභිප්‍රේරණයකි. දරුවන්ට දඬුවම් කළ යුත්තේ වැරැද්ද අවබෝධ කොට යහමගට යැවීමට මිස දරුවා මානසිකව බිඳ දැමීමට නොවේ.

පාසලේදී වමනය ගිය දැරිය ගැබිණියකැයි උපකල්පනය කළ අඥාන විදුහල්පතිවරිය සම්බන්ව විධිමත් පරීක්ෂණයක් කොට නිසි දඬුවම් ලබාදිය යුතුය. උස්තැන් දැක හැකිලෙනල තැලෙන යකඩය දැක උඩපැන පැන තලන්නන් ක්ෂේත්‍රයේ විනාශ කරන වල්පැළ බැවින් වහා උදුරා දැමිය යුතුය. ටීචිං හරි ලේසියි. පැය හයේ රස්සාවනේ,කියමින් තමන්ගේ දරුවන් ගැන සිතා තමන්ගේ නොවන දරුවන්ට උගන්නන්න එන්නවුන් ක්ශේත්‍රයට සුදුසු නැත . ගමේ දරුවන්ගේ ජීවිත සමග කරනා ගනුදෙනුවකි. තමන්ගේ නොවන දරුවන් උදෙසා වපුරන දේ තමන්ගේ දරුවන්ට පෙරලා ලැබෙන බවත්ගුරු වෘත්තිය කර්මය හා ඵලය සමග බැඳුණක් බවත් ගුරුවරුන්ගේ දරුවන් දෙස බැලීමෙන් පෙනේ.

අවසානයේ කිව යුත්තේල පැරෂුට් බාන්නාක් මෙන් ගුරුසේවයට බඳවා ගත්තද සෑම ගුරුවරයෙකුටම ළමා මනෝවිද්‍යාව සහ ඉගැන්වීම පිළිබඳව විධිමත් පුහුණුවක් ලබා දිය යුතු බවයි. උගත් දේ ප්‍රායෝගික කරන්නේද නැද්ද යන්න වෙනම කතාවකි. එමෙන්ම විද්‍යාව ගුරුවරයා ගෘහ විද්‍යාව ඉගැනවීමට ද සිංහල ගුරුවරයා දෙමළ ඉගැන්වීමටද යොදා නොගෙන පද්ධතිය කාර්‍යක්ෂමලඵලදායී එකක් කළ යුතුය. රටේ බහුතර ගැටලුවලට හේතුව අධ්‍යාපන පද්ධතියේ ඇති අටානූවක් වූ මෙවැනි ගැටලුයගමේ සියල්ල විසඳෙන තැන ශ්‍රී ලංකාව තවදුරටත් තුන්වන ලෝකයේ රටක් නොවනු ඇත.

  • පාසල් ගුරුවරියක වන ඩිලූෂා සමරසිංහ සිය අත්දැකීම්ද උපයෝගී කරගනිමින් මෙය රචනා කර ඇත. මෙම ලිපියේ සියලු හිමිකම් ඇය සතුය 

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu