රෝහිනග්‍යා ගැටලුව / අමානුෂික ක්‍රියාවන්ට දැඩි පියවර – පොලිස්පති

In දේශීය

රෝහිනග්‍යා සරණාගතයින්ට එරෙහිව ගල්කිස්ස ප්‍රදේශයේ කළහකාරීව හැසිරුනු පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. සී සී ටී වී දර්ශන පරීක්ෂා කර බලා මේ වනවිට සැකකරුවන් 8 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස්පතිවරයා සදහන් කලේ.

අනෙක් පිරිසද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව පොලිස්පතිවරයා සදහන් කලා. කිසිදු අයුරකින් ඇතැමුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අදාලව අමානුෂික ක්‍රියා සිදුකිරීමට ඉඩ නොදෙන බවයි පොලිස්පතිවරයා සදහන් කලේ. මෙම සිදුවීමට අදාලව එක් කාන්තාවක් අද දිනයේදී අත්අඩංගුවට ගැනුනු අතර ඇය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද දිනයේදී රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.

You may also read!

ගුවන් නියමුවා මත්පැන් පානය කරලා

මත්පැන් පානය කර සිටි බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාවේ පළපුරුදු ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා ආයතනය

Read More...

ජනපති අගමැති තවත් හමුවක

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ඔවුන්ට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් අද සිදුව තිඛෙනවා. එම සාකච්ඡා වල අරමුණ වී ඇත්තේ

Read More...

හලාවත රෝහලේ බිලිදුන් මියයාම ගැන පරීක්ෂණ

දින 10 කදී හලාවත රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී මවක හා බිලිදුන් 3 දෙනෙකු මියයාම සම්බන්දයෙන් මේ වනවිට ජාතික මට්ටමින්

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu