මහජන මුදලින් ගුවන් ගතවී – සෞඛ්‍ය ලේකම් ගෙදරින් නවතී

In විදෙස්

නිල කටයුතු සඳහා මිල අධික පෞද්ගලික ගුවන් යානා භාවිත කිරීම මුල් කර ගනිමින් ඇමරිකාවේ සෞඛ්‍ය ලේකම් ටොම් ප්‍රයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිඛෙනවා. මහජන බදු මුදලින් ඩොලර් හාරලක්ෂයක් වැය කර පසුගිය මැයි මාසයේ සිට තමන්ටම පමණක් වෙන් වූ ගුවන් ගමන් 26 සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු මීට ඉහතදී සමාව ඉල්ලා තිබුණා.

නිල කටයුතු සඳහා සංචාරය කිරීමේ දී එරට ආණ්ඩුවේ බලධාරීන් විසින් භාවිත කළ යුත්තේ සාමාන්‍ය මගී ගුවන් යානායි.

නමුත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පමණක් ඊට ඇතුළත් වන්නේ නැහැ.

නිල කටයුතු සඳහා තමන්ටම වෙන් වූ ගුවන් යානා යොදා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ තවත් සාමාජිකයන් තිදෙනෙකු ද විවේචනයට ලක්වී තිඛෙනවා.

ඇමරිකානු ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටොම් ප්‍රයිස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගනු ලැබ ඇති බවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ඩොන් ජේ රයිට් වැඩබලන සෞඛ්‍ය ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇති බවත් ඉහත කී නිවේදනයේ සඳහන් වනවා.

  • බී බී සී ඇසුරෙනි 

You may also read!

ගුවන් නියමුවා මත්පැන් පානය කරලා

මත්පැන් පානය කර සිටි බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාවේ පළපුරුදු ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා ආයතනය

Read More...

ජනපති අගමැති තවත් හමුවක

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ඔවුන්ට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් අද සිදුව තිඛෙනවා. එම සාකච්ඡා වල අරමුණ වී ඇත්තේ

Read More...

හලාවත රෝහලේ බිලිදුන් මියයාම ගැන පරීක්ෂණ

දින 10 කදී හලාවත රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී මවක හා බිලිදුන් 3 දෙනෙකු මියයාම සම්බන්දයෙන් මේ වනවිට ජාතික මට්ටමින්

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu