කොළඹ ට්‍රැෆික් එකට අලුත් විසදුමක්

In හෙට රට

කොළඹ නගරයේ ඇල මාර්ග ඔස්සේ මගී යාත්‍රා සේවාවන් පවත්වාගෙන යාම සදහා මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැදවා තිඛෙනවා. ඒ අනුව අදාළ ටෙන්ඩර්පත් ලබා ගැනීම ලබන මාසයේ හතර වෙනිදායින් අවසන් වන බවයි එම අමාත්‍යංශය සදහන් කර ඇත්තේ. මෙම ව්‍යාපෘතිය සදහා හැකියාවක් සහිත ආයෝජකයින් සති නවයක් තුල ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. මේ සදහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ඉදිරිපත් විය හැකි බවයි සදහන් වන්නේ.

නෙදර්ලන්ත රජයෙන් තාක්ෂණික සහාය හිමිවන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ නගරයේ වාහන තදබදයට විශාල පහසුවක් ගෙන එන බවටයි විශ්වාස කරන්නේ. වැල්ලවත්තේ සිට බත්තරමුල්ල / කොළඹ කොටුව සහ යුනියන් පෙදෙස මෙන්ම මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වා මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමටයි සැලසුම් කර තිඛෙන්නේ.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu