රෝහලේදීත් මාමා – බෑනාට සයිටම් ගැන කියලා

In විශේෂාංග

හදීසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුනු මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ සුවදුක් සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඊයේ රාත්‍රී කොළඹ ජාතික රෝහලට ගොස් තිඛෙනවා. Live 360 වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ තත්වය මේ වනවිට සුව අතට පත්වෙමින් ඇති බවයි. රංජන් රාමනායක සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉතා සුහදශීලී සංවාද තුළින් මාමා සහ බෑනා ලෙස මාධ්‍ය ඔස්සේ  කතා බහට ලක්වුනා.

කෙසේවෙත් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ එහිදීද මහාචාර්යවරයා සයිටම් ආයතනය සම්බන්ධයෙන් කරුනු කිහිපයක් ප්‍රකාශ කල බවයි. විද්වත් කමිටුවක් කල අධීක්ෂණයේදී සයිටම් ආයතනය නියමිත ප්‍රමිතීන්ට පටහැනි බව අනාවරන වීම නිසා තමා අඛණ්ඩව එයට විරුද්ධ වන බවත් මහාචාර්යවරයා සදහන් කර තිඛෙනවා.

කෙසේවෙතත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා තවදුරටත් සදහන් කර ඇත්තේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මීට වඩා කල්පනාකාරීව කටයුතු කල යුතු බවයි. තම ජීවිතය අනතුරේ හෙලා නොගන්නැයි මහාචාර්යවරයා එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිඛෙනවා.

අප වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා තම ජීවිතයේ ඉතා ආදරනීය මෙන්ම  ඉතා ගෞරවනීය චරිතයක් බවයි.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu